මීතොටමුල්ල ප්‍රදේශයේ ඇති කුණු ශ්‍රී ලංකා යුධ හමුදාවේ පූර්ණ සහයෝගය ඇතුව ඉදිරි මාස කිහිපය තුළ ඉවත් කිරීමට හා ඒ ප්‍රදේශවල අනවසර පදිංචිකිරීම් තහනම් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (19දා) ) පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී උපදෙස් ලබාදෙන ලදී.
මීතොටමුල්ල කසළ කන්දේ නායයෑමෙන් විපතට පත් ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු ආරම්භ කිරීම හා මේ සිදුවීමෙන් නිවාස අහිමි වූ පවුල් 98කට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ හෙට(20 දා) සිට ආරම්භ කරන ලෙස අදාළ බලධාරීන්ට මෙහිදී ජනපතිවරයා උපදෙස් ලබාදී තිබේ.
මීට අමතරව මෙම ප්‍රදේශයේ අවදානම් කලාප ආශ්‍රිතව ජීවත් වන ජනතාව වහා එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට කටයුතු සම්පාදනය කළ යුතු බවත් විපතට පත්වූවන් සඳහා ඉතා කඩිනමින් වන්දි ලබාදීම සිදුකළ යුතු බවත් ජනපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේය.
මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරු, මෙන්ම පොලිස්පති ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද එක්වූහ.