මීතොටමුල්ල ප්‍රදේශයේ ඇති කසළ පුත්තලමේ සිමෙන්ති සෑදීම සඳහා යොදා ගත් වළවල්වලට බැහැර කිරීම සඳහා ලෝක බැංකු ආධාර මත තම රජය ක්‍රමවේදයක් සකසා තිබූ නමුත් වත්මන් රජය මේ සම්බන්ධයෙන් ක්‍රමවේදයක් සැකසීමට අපොහොසත් වීම හේතුවෙන් මෙවැනි ඛේදවාචකයක් සිදුවූ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ, අද (18දා) ගැටඹේ විහාරාධිපති හිමියන් බැහැදකිමින් පැවැති මාධ්‍ය හමුවකදීය.
වත්මන් රජය රටේ ජාතික සම්පත් විදෙස් රටවලට විකුණා දැමීමට කටයුතු කිරීම හේතුවෙන් රටේ ජනතාව ඉතා ඛේදජනක තත්ත්වයන්ට මුහුණදී ඇති බවත් ඒ සඳහා සංඝයා වහන්සේලා මැදිහත් වියයුතු බවත් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
මේ අවස්ථාව සඳහා ගැටඹේ රාජෝපවනාරාම විහාරවාසී ශාස්ත්‍රාචාර්ය පූජ්‍ය ගල්කැටිවෙල රතනවංස හිමියන්, පේරාදෙණිය ශ්‍රී භාරති පිරිවෙන් විද්යාතනාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය අඹලියද්දේ සංඝරතන හිමියන් හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ, මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය ආර්.ඩබ්. රණසිංහ ඇතුළු පිරිසක් සහභාගිවූහ.