නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, සාගල රත්නායක මහතා අද (17දා) මීතොටමුල්ල නාය යාමට හසුවූ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ කුණු කන්දට යටවූ පුද්ගලයන් 37 දෙනෙකු පමණ වන බවට ලැබී ඇති තොරතුරු අනුව විශ්වාස කරන බවයි.
ඒ අනුව, දැනට සොයාගත හැකි වූ පුද්ගල මළසිරුරුවලට අමතරව තවත් 10 දෙනෙකු පමණ සොයා අඛණ්ඩ මෙහෙයුම් දියත් කරන අතර, එම සිරුරු සොයාගත් පසු පුද්ගල සෙවීම් මෙහෙයුම් කටයුතු නවතා දමන බවද ඔහු කීය. ඔහු පෙන්වා දුන්නේ සිද්ධිය සඳහා යොදවා ඇති මෙහෙයුම් නිලධාරීන් වෙත නිශ්චිත ඉලක්කයක් ලබාදීම සිදුකළ යුතුබවයි.
කෙසේ වුවද, දේශපාලන තොරතුරු මත නොරැඳී, සැලකිය යුතු තොරතුරු වේනම් මීතොටමුල්ල රාහුල විද්‍යාලයේ ස්ථාපිත කර ඇති අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි කරන මධ්‍යස්ථානය වෙත දන්වා සිටින ලෙසත්,ඒවා සම්බන්ධව පසු විපරම් කිරීම රජයක් ලෙස නොසලකා නොහරින බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.