මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව මේ වන විට 21ක් බවට පත්ව තිබේ. එසේම තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 7ක් දක්වා අඩුව තිබේ. ඔවුහු කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.
මේ අතර විපතට පත්වූවන් පිළිබඳව සංගණනයක්ද ආරම්භ කර තිබේ. එම මධ්‍යස්ථානය මීතොටමුල්ල රාහුල විද්‍යාලයේ ස්ථාපිත කර ඇත. එම මධ්‍යස්ථානය ජීවිත මෙන්ම දේපළ අහිමි වීම් පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙස පොලීසිය විපතට පත්වූ ජනතාවගෙන් ඉල්ල සිටියි.
අපාදාවෙන් විපතට පත්වූ ජීවිත මෙන්ම දේපළ පිළිබඳව නිවැරදි සංගණයක් පැවැත්වීම මෙහි අරමුණ වෙයි.