මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමට හේතු වූ කරුණු සහ එවැන්නක් යළිත් සිදුවීම වැළැක්විමට ගත හැකි පියවර නිර්දේශ කිරීම සඳහා පැමිණි ජපාන විශේෂඥ කණ්ඩායම සිය වාර්තාව අද (24දා) පෙරවරුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට බාර දුන්නේය.
නියෝජිත පිරිසේ ප්රධානියා වන මිට්සුටාකේ නුමාහටා මහතා විසින් එම වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමෙන් පසු සිය නිර්දේශ පිළිබඳ පැහැදිළි කිරීමක් ද සිදු කළේය.
මෙම ගැටලුව විසඳීම සඳහා කෙටිකාලීන පියවර වශයෙන් කසළ කන්දේ පදනම සවිමත් කර පොලිතින්වලින් වසා දැමීම සහ ඉදිරි වාර්ෂා කාලයට පෙර කසළ කන්දේ පිහිටීම කන්දක හැඩයට නිර්මාණය කර ගුරුත්වාකර්ෂණයට අනුකූල ලෙස සම්පාදනය කිරීම පෙන්වා දෙන ලදී.
කසළ කන්දේ ප්රමාණය ක්රමයෙන් අවම කර ප්රතිචක්රීකරණයල බලශක්ති උත්පාදනය සහ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා උපයෝගි කර ගැනීම දීර්ඝකාලීන නිර්දේශ ලෙස ඉදිරිපත් කරනු ලැබීය.
මෙහිදී අදහස් දැක්වූ ජපාන නියෝජිත පිරිසේ ප්රධානියා පෙන්වා දුන්නේ 1960 දී ජපන් ජනතාවද කසළ කඳු පිළිබද විරෝධය පළකිරීමත් සමග එම ගැටලුව නිරාකරණය කර ගැනීමට ගත් පියවර සම්බන්ධයෙන් ජපානය සතු අත්දැකීම් ශ්රී ලංකාවට ද වැදගත් වනු ඇති බවයි.
මානූෂිය ඛේදවාචකයක් වූ මීතොටමුල්ල සිදුවීම දේශපාලන ප්රශ්නයක් බවට පත් කරගෙන තිබෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
ශ්රී ලංකාවේ කසළ ගැටලුව විසඳීමට ජපන් රජයේ සහය අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.