මීතොටමුල්ල ප්‍රදේශයේ ජීවිත ගලවාගැනීමේ මෙහෙයුම්වලට අද (17දා) දිනයේදී අතිරේක හමුදා සාමාජිකයන්ද එක්කළ බවත්, මේ අනුව සමස්ත මෙහෙයුම් තුළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 10,060ක් යොදවා සිටින බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
මීට අමතරව බැකෝ හා එක්ස්කැවේටර් යන්ත්‍ර 15ක් හා ටිපර් රථ 15ක් යොදවා තිබෙන බවත්, ඊයේ දිනයේ මෙහෙයුම්වලදී මළ සිරුරු 03ක් හා පුද්ගල පාදයක් සොයාගත් බවත් ඔහු පවසා සිටියේය.
මේ අනුව මියගිය ප්‍රමාණය 29ක් බවත්, පාදය අයත් ශරීර කොටස් හමුවනතුරු එය මියගිය පුද්ගලයෙකුට අයත් එකක් සේ නොසලකන බවත් ඒ මහතා සඳහන් කළේය.
විපතට පත්වූවන් බේරාගැනීමේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක කරන බවද හෙතෙම පවසා සිටියේය.