මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් ආපදාවට පත්වූවන්ට වන්දි ගෙවීමට රජය තීරණය කරමින්, ජීවිත හානියකට රුපියල් ලක්ෂය බැගින්ද, දේපල හානියකට උපරිමය රු.ලක්ෂ 25 දක්වාද වන්දි ගෙවීමට වහා කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මීතොටමුල්ල ප්‍රදේශයේ පසුගියදා සිදු වූ ආපදාවෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති සාකචිඡාවේදී ගනු ලැබූ තීරණයකට අනුව අවශ්‍ය පියවර ගැනීමට මුදල් අමාත්‍යාංශය විසින් දැනටමත් කටයුතු කර ඇති බවද පවසයි.