මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම ගැන පරීක්ෂණ පැවැත්වීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ 10 දෙනෙකුගේ කණ්ඩායමක් ප්‍රදේශයට පැමිණ තිබේ. එසේම භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් පිරිසක්ද ප්‍රදේශයට පැමිණ තිබේ.
මිය ගිය පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක්ද කැඳවා තිබේ. ඊට අමතරව පොලීසියේ අපරාධ ස්ථානීය පරික්ෂණ කණ්ඩායමක්ද මීතොටමුල්ලට පැමිණ තිබේ. සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව 12ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූවන් සංඛ්‍යාව 17කි.