මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමේ සිදුවීම පිළිබඳව පරීක්ෂා කිරීමට පැමිණි ජපන් තාක්ෂණික විශේෂඥ පිරිස අද (24දා) අරලියගහ මන්දිරයේදී අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හමුවිය.
එහිදී එම ජපන් තාක්ෂණික විශේෂඥ පිරිස මේ සම්බන්ධයෙන් සැකසූ පර්යේෂණ වාර්තාව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට ලබා දෙන ලදී. මෙහිදී කසළ කන්ද සම්බන්ධයෙන් ගත යුතු කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් පිළිබඳව අග්රාමාත්යවරයාට ඔවුහු දැනුම් දුන්හ.
මීට අමතරව අද පෙරවරුවේ මෙම ජපන් තාක්ෂණික විශේෂඥ පිරිස ජනපති මෛත්රීපාල සිරිසේන මහතාට එම වාර්තාව ලබාදුන්නේය.