මීතොටමුල්ල ඛේදවාචකය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මැයි මුල් සතියේ පැවැත්වෙනු ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (24දා) පැවසීය.
මෙම විවාද පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව හදිසියේ කැඳවන්නැයි කථානායකවරයාගෙන් ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටියද එම අවස්ථාව නොලැබුණු බවත්,මීතොටමුල්ල කසළ අංගණය සම්බන්ධව මීට පෙර ඇමතිවරුන් පැවසූ කාරණා මේ වනවිට වෙනස් කරමින් කතාකරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ විය.