මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම පිළිබඳව සොයා බැලීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙක් පත් කරන බවන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. ඒ අනුව මායසක් ඇතුළත් වාර්තාවක් සකස් කළ සිදුවීමට අදාළ වැරදිකරුවන් සිටීදැයි සොයා බලන බවත් වැරදිකරුවන් සිටීනම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ජනපතිවරයා සඳහන් කළේය.
අද (20දා) පෙරවරුවේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙමන් ජනපතිවරයා මේ බව සඳහන් කළේය. එසේම වාර්තාව සකස්කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ලබාදීමට ජනතාවට හා අදාළ නිලධාරීන්ට හැකියාවක් පවතින බවද හෙතෙම සඳහන් කර සිටියේය.