මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා ජපානයේ විශේෂ කණ්ඩායමක් දෙකක් හෙට (20දා) දිවයිනට පැමිණෙන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.
කුණු කන්ද නාය යෑමෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා ජපානයෙන් විශේෂ ආධාර තොගයක් ජපාන තානාපති විසින් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙත පරිත්‍යාග කිරීම අමාත්‍යාංශ පරිශ්‍ර‘යේදී අද (19දා) සිදුකෙරුණු අතර එහිදී අදහස් දක්වමින් අමාත්යවරමා මේ බව පැවැසීය.
ටෙන්ට්, ජල පවිත්‍ර උපකරණ, ජෙනරේටර්, හෙඩ් ලයිට්, විදුලි බුබුළු, ජංගම වැසිකිළි, අන්තරාදායක වායු හඳුනාගැනීමේ උපකරණ ඇතුළු උපකරණ තොගයක් අමාත්‍යවරයා වෙත පිළිගන්වන ලදී.