මීතොටමුල්ල කුණු කන්ද කුමන අමාත්‍යාංශයට අයත්ද යන්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයෙන් අද (22දා) පැහැදිලි පිළිතුරක් නොලැබිණි.
මීතොටමුල්ල කසළ කන්ද සම්බන්ධව මහානගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයෙන් වාසුදේව නානායක්කාර මහතා ප්‍රශ්න කිහිපයක් විමසා තිබූ අතර, එය තමන්ට අදාළ නැතැයි එම අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට දන්වා තිබිණි.
ආණ්ඩුවෙන් පක්ෂ ප්‍රධාන සංවිධායක මහතාටද මීතොටමුල්ල කුණු කන්ද කුමන අමාත්‍යාංශයට අයත්ද යන්න පැවසිය නොහැකි විය. කථානායක කරු ජයසූරිය මහතාද සංවාදයට මැදිහත් වුවද ඔහුටද එය පැවසිය නොහැකි විය.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මහානගර සභ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ගැන මෙහිදී කියැවිණි.