මීතොටමුල්ල කුණු සියල්ලම මාස 06 ක් තුළ කසළ ප්රතිචක්රීයකරණයට ඉවත් කරගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා සඳහන් කළේය.
මීතොටමුල්ල කුණුකන්ද පිහිටි ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය සතු බවත්, මේ නිසා ඔවුන් මෙම තීරණය ගෙන තිබෙන බවද අද (19දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා පැවසීය.