මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමේ සිදුවීම යම් පුද්ගලයෙකුගේ ක්‍රියාවක්ද එසේත් නොමැතිනම් ස්වාභාවික ක්‍රියාවක්ද යන්න පිළිබඳව පොලීසිය පරීක්ෂණ පවත්වයි. එසේම පොලීසිය අලුතේන්ම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ සිද්ධියෙන් මේ වන විට මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 13ක් වන අතර ඔවුන් සියල්ලන්ම කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති.