මීතොටමුල්ල කුණු කන්ද අවට අනාරක්ෂිතව සිටින සියලුම දෙනා ඉවත් කර ඔවුන්ට වන්දි ලබාදීමට රජය තීරණය කර තිබේ. මේ යටතේ මුලින්ම නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ ප්ර‘දේශය ආශ්රිතව ඉදිකර ඇති නිවාස 60ක පවුල් 60ක් පදිංචි කිරීමට සැලසුම් කර තිබේ.
ඉතිරි පිරිස සුදුසු වන්දි මුදලක් ලබාදී හෝ වන්දි මුදල් සමග නිවසක් ලබාදී ඉවත් කිරීමට නියමිතය.අද (19දා) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා, පළාත් දේශපාලනඥයන් සහ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.