මීටියාගොඩ කුරුඳු ව්‍යාපාරික යුවළගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අද (09දා) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වූ බවත්, අධිකරණ නියෝගමත ඔවුන් මාර්තු 12 වැනිදා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
ඝාතනය සම්බන්ධයෙන් සැකකරන සැකකරුවන් දෙදෙනා මොවුන් බවත්, ඔවුන්ට ජීවිත තර්ජන තිබෙන බවත් පවසමින් ඔවුන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙන බවදරුවන් ගුණසේකර මහතා පවසා සිටියේය.
එහෙත් ඒ සම්බන්ධයෙන් අධිකරණ කටයුතු සිදුවන්නේ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නිසා ඔවුන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය නියෝග කර ඇතැයිද හෙතෙම පවසා සිටියේය.
කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී සිටින්නේ නලින් වසන්ත සහ අරවින්ද නැමැති දෙදෙනෙකි