මීගොඩ, ගැහැනුවල ප්රදේශයේ නිවසක ඇති කරනු ලැබූ අලි පැටවෙකු වනජීවී නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණ අද (23දා) දින අත්අඩංගුවට ගෙන රැගෙන ගොස් ඇති බව පැවසෙයි.
මේ සම්බන්ධයෙන් එම ඇත් පැටවාගේ හිමිකරුගේ මවගෙන් විමසීමේදී ඇය කියා සිටියේ පසුගිය ආණ්ඩුසමයේ බලපත්ර සහිතව මෙම අත්පැටවා ලබාගෙන ඇති බවත්, යම්කිසි විමර්ශන කටයුත්තක් සඳහා රැගෙන යන බව පවසා ඇත් පැටවා රැගෙන ගිය බවත්ය.
මීට වසර 50කට පමණ ඉහත කාලයක සිට තම නිවසේ අලින් සිටිය බවත්, මෙම අලි පැටවාද කුඩා කාලයේ සිට ඉතා සුරතල්ව ඇතිකළ බවත්, ප්ර‘දේශයේ විහාරස්ථානවල පැවැත්වෙන පෙරහරවලට ඇත් පැටවා සහභාගි වන බවත් ඇය සඳහන් කළාය.
පාදුක්ක ඩී.එන්. රෙක්සි