නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකු ඊයේ (05දා) රාත්‍රියේ එරටින් පිටුවහල් කර ඇත.ඊයේ (05දා) රාත්‍රියේ ඔස්ට්‍රේලියානු ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණි ඔවුන් මීගමුවේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අතරට එක් කාන්තාවක්,පුද්ගලයන් 09 ක් සහ දරුවන් 02 කු අයත් වේ.