මීගමුව මූලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙකු අද (12දා) අලුයම රෝහලින් පැනගොස් ඇතැයි වාර්තා වේ. වල්පොල, උඩුගම්පොළ ප්රදේශයේ පදිංචි ඒ.එම්.සලුජා (36) නැමැත්තෙකු මෙසේ රෝහලින් පැනගොස් ඇත.
මෙසේ පැනගොස් ඇති රැඳවියාට මංකොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට එරෙහිව චෝදනා එල්ල වී ඇති බවද පැවසේ.
පාදයේ ඇතිවූ තුවාලයකට ප්රතිකාර ලබාගැනීමට රෝහල් ගත කර සිටි අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී මෙසේ පැනගොස් ඇතැයි වාර්තාවේ.
මින් සති කීපයකට පෙරද මීගමුව බන්ධනාගාරයේ අරක්ෂිත තාප්පය බිඳ ආරක්ෂාව මැද සිටි රැඳවියෝ සිවුදෙනෙක් බන්ධනාගාරයෙන් පැන ගියහ.
කටුනායක ප්රසාද් මුතුකුඩ