ජලයෙන් යටවූ ප්‍රදේශවල ජනතාව මී උණ වළක්වා ගැනීමේ ප්‍රතිකාරය ලබාගතයුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
ජලගැලීම් පහව යාමත් සමග මී උණ පැතිරයාමේ අවදානමක් පවතින බවත්, එම තත්ත්වය වළක්වා ගැනීමේ ප්‍රතිකාර ලබාදීම ආරම්භකර තිබෙන බවත් එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
අදාළ ප්‍රතිකාර ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් ලබාගත හැකි බවද පවසා සිටියේය.