රුපියල් විසි ලක්ෂයකට අධික වටිනාකමනික් යුතු මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස මැලේසියාවට රැගෙන යෑමට තැත් කළ පුද්ගලයෙකු අද (22දා) උදෑසන රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
දොම්පේ, තිත්තපත්තර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
සැකකරු විසින් අදාළ මැණික් තොගය තම ගමන් මල්ලේ සඟවා ගෙන මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත යෑමට සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් මැණික් අතර සැෆයර්, නිල් මැණික් සහ ටැන්සානයිට් යන වර්ගවලට අයත් කැරට් 388 ක් බර මැණික් කැට 78 ක් තිබී ඇත.
රේගු නිලධාරීන් විසින් මෙම මැණික් තොගය රාජසන්තක කිරීමෙන් අනතුරුව සැකකරුට රුපියල් විසි පන්දහසක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කරන ලදී.