ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායකයින්ගේ කාන්තා සංසදය විසින් රු. ලක්ෂ 05 ක මුදලක් ආබාධිත රණවිරුවන් ප්‍රතිකාර ලබන අත්තිඩියේ පිහිටි මිහිඳු සෙත් මැදුරේ ආයුර්වේද ප්‍රතිකාර කටයුතු සඳහා පරිත්‍යාග කෙරිණි.
ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (04දා) පස්වරුවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වෙත එම මුදල් පරිත්‍යාග කරනු ලැබුවේ ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායකයින්ගේ කාන්තා සංසදයේ සභාපතිනී ප්‍රියානි පියසේන මහත්මියගේ අතිනි.
කාන්තා නියෝජිතයන් හමුවේ අදහස් දක්වමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසුවේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරමින් යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන් පිළිබඳව නිරන්තර අවධානය තමන් යොමුකරන බවයි. රණවිරුවන් වෙනුවෙන් මෙවැනි පරිත්‍යාගයන් සිදුකිරීම පිළිබඳව තම ගෞරවය පිරිනමන බවද ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායකයින්ගේ කාන්තා සංසදයේ නියෝජිතයන් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේය.
එම අවස්ථාව සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඒ.පී.ජී. කිත්සිරි මහතා ඇතුළු ශ්‍රී ලාංකික තරුණ ව්‍යසායකයින්ගේ කාන්තා සංසදය නියෝජනය කරන නියෝජිතවරියන්ද සහභාගී විය.