මිහින් ලංකා හා ශ්රී ලංකන් ගුවන් සේවාවල සිදුවූ වංචා හා දූෂණ සම්බන්ධයෙන් සෙවීම සඳහා වන ජනපති කොමිසම ලබන සතියේදී ස්ථිර වශයෙන්ම ගැසට් කරන බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පැවැසීය.රත්නපුරදී පැවැති ජනහමුවකදී ජනපතිවරයා මේ බව ඊයේ (27දා) ප්රකාශ කළේය.
“ලබන සතියේද ස්ථිර වශයෙන්ම ගැසට් කරනවා මිහින් එයා ශ්රී ලංකන් එයා අලුත් ජනපති කොමිසම කාගේ කාගෙත් තත්ව හෙළිවෙයි. හොරකමට වංචාවට නාස්තියට මේ රටේ පඳුරක් පඳුරක් ගානේ කොමිෂන් සභා පත්කරන්න වෙනවා. පත්කළ යුතු දේට පත්කරනවා. පත්කරපු ඒවායේ වාර්තා අනුව කටයුතු කරනවා. දෙන්න තියෙන ඉහළම දඩුවම් දෙනවා. නැතිවූ සල්ලි හොයාගන්නවා.”