තරුණයෙකු සමග ජංගම දුරකථනයෙන් පෙම්බස් දොඩා ග්රාම නිලධාරිනියක බව හඟවා ඔහු මුළාකර රුපියල් ලක්ෂ තුනකට වැඩි වටිනාකමක් සහිත රන් ආභරණ වංචා කළ තරුණියක් සහ ඇගේ සහායිකාව අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලීසියේ විවිධ පැමිණිලි අංශය පරීක්ෂණ සිදුකරයි.
අනුරාධපුර, ජයන්ති මාවත පිහිටි ප්රසිද්ධ නිවාඩු නිකේතනයක සේවය කරන 25 හැවිරිදි තරුණයෙකු සිදුකළ පැමිණිල්ලක් මත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, වංචාවට සම්බන්ධ වූ කාන්තාවන් දෙදෙනාම කොළඔ ප්රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ. ඔවුන් කුමන වයසේ පසුවන්නන්ද යන්න අනාවරණය කරගෙන නැතැයිද පොලීසිය පැවසීය.
පැමිණිලිකාර තරුණයාට මීට මාස පහකට පමණ ඉහතදී ජංගම දුරකථනයට ලැබුණු මගහැරුණු (මිස් කෝල්) ඇමතුමකින් මෙම පෙම් සබඳතාව ආරම්භ වීඇතැයි පොලීසිය සඳහන් කරයි.