රුපියල් ලක්ෂ හැටක් පමණ වටිනා නිම නොකළ රන් ආභරණ පැළද ඉන්දියාවේ ට්‍රිචි නුවර බලා යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික මවක (48), පුතෙකු (20) සහ දියණියක (18) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඊයේ (08 දා) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
මොවුහු කොළඹ කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. අත් අත්අඩංගුවට ගනු ලැබූ ස්වර්ණාභරණ අතරට රන් වළලු 8 ක්, මාලයක්, රිදී ආලේප කළ රන් පාද සළඹ ජෝඩුවක්, මාල 02 ක්, පෙන්ඩන්ට් 7 ක් සහ බ්‍රේස්ලට් එකක් තිබූ බව රේගුව කියයි.