දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (09දා) සිට බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශේෂයේම දිවයිනේ දකුණු අර්ධයේ මෙම තත්ත්වය බලාපොරොත්තුවන බවත් දිවයිනේ උතුරු අර්ධයේ පැයට කිලෝමීටර් 45 දක්වා තද සුළංද අපේක්ෂා කරන බව අද පෙ.ව. 5.30 ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
නැගෙනහිර, ඌව හා දකුණු පළාත්වලත් පොලොන්නරුව හා මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඌව හා සබරගමුව පළාත්වලත් අම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර හා කලුතර දිස්ත්‍රික්කවල ඇතැමි ප්‍ර දේශවලට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.