විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් පාරදෘශ්‍යභාවයෙන් යුතු මිල සූත්‍රයක් හඳුන්වාදීම සඳහාවූ සියලු කටයුතු මේ වනවිට අවසන් කර ඇතැයි පවසන විදුලිබල හා බලශක්ති ඇමති පාඨලී චම්පික රණවක මහතා අනාගත තෙල් හා වායු ආයෝජන සඳහා ශ්‍රී ලංකාව ඉතා හොඳ වේදිකාවක් වනු ඇතැයි අවධාරණය කරයි.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ පැවැති උත්සවයකදී ඇමතිවරයා ප්‍රකාශ කළේ තෙල් පිරිපහදු නවීකරණය, ගල් අඟුරු, සුළං,සූර්ය විදුලිබලාගාර ඉදිකිරීම, නව ග්‍රිඩ් උපපොළ ඉදිකිරීම සහ උපපොළ නවීකරණය කරමින් නව බලශක්ති සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.
ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්,
“ශ්‍රී ලංකාවේ නව ඉන්ධන බලශක්ති සංවර්ධන සැලැස්ම යටතේ කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගුකාලීන වශයෙන් ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙම ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග යොදාගනිමින් නව ප්‍රවේශ ක්‍රමත්, ස්ථිරසාර බලශක්ති භාවිතය හරහා ශ්‍රී ලංකාව තුළ දැනුම පදනම් කරගත් ආර්ථිකයක් නව ආකාරයකින් ස්ථාපිත කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය සඳහා තිරසාර, දැරිය හැකි මිලක් හා උසස් තත්ත්වයේ බලශක්ති සැපයුමක් අරමුණු කරගත් ක්‍රමෝපාය ක්ෂේත්‍ර 08 ක් ඇතුළත් වෙනවා." යැයි ඇමතිවරයා ප්‍රකාශ කළේය.