වැඩි මිලට හා ප්රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කරන්නන් පිළිබඳව 1977 දුරකථන අංකයට පැමිණිලි කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මීට අමතරව වැඩි මිලට හා ප්රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සමස්ත ලංකාවම ආවරණය වන පරිදි මෙහෙයුම් ක්රියාත්මක කර තිබෙන බවද එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් කළේය.
මෙම මෙහෙයුම්වලදී සහල් පාලන මිල පිළිබඳව හා විදුලි උපකරණවලට මාස 06ක වගකීම් සහතික ලබාදීම පිළිබඳව දැඩි ලෙස අවධානය යොමුකර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.