මිරිස්ස හා ගාලු කොටුවේ බලපත්ර රහිතව බියර් විකිණූ ස්ථාන 18ක් සුරාබදු දෙපාර්තමේන්තුව මගින් වටලා ඇත. ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් 18ක් හා බියර් ලීටර් 73.5ක් සුරාබදු දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර ඔවුන්ට ගාලු මහේස්ත්රාත් අධිකරණයේ නඩු පැවැරීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.