හම්බන්තොට මිරිජ්ජවිල වෙරළේ සිටි අඩි 14ක පමණ දිගැති හැල කිඹුලෙකු පැය හතරක පමණ මෙහෙයුමකින් පසු අල්ලා ගත් බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් පවසයි.
මිරිජ්ජවිල මුහුදු වෙරළේ විශාල කිඹුලෙකු සිටින බවට ඊයේ (18දා) ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව මෙම මෙහෙයුම සිදුකර කිඹුලා අල්ලා ගත් බවත් පසුව බුන්දල වනෝද්‍යානයේ කලපු ප්‍රදේශයට මුදාහැරී බවත් හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක විජය කුමාර මහතා පැවසීය.