මියන්මාර රජයේ අගතිගාමී ක්රියා හෙළාදකිමින් විපතට පත්වූවන් සඳහා වූ කමිටුව අද (16දා) ශ්රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලය ඉදිරියේදී විරෝධතාවක් පැවැත්වීය.
ආචාර්ය වික්රමබාහු කරුණාරත්න මහතා ප්රමුඛ සමාජ ක්රියාකාරීන් පිරිසක් විසින් නිහඬ විරෝධතාවක් පවත්වනු ලැබීමෙන් අනතුරුව මියන්මාර තානාපති කාර්යාලයට සංදේශයක් භාරදීම පියවර ගෙන තිබිණි.
ඡායාරූප - ඒශාන් ප්රනාන්දු