මියන්මාරයේ මධ්‍යම බගාන් නගරය ආශ්‍රිතව ඇති වූ රික්ටර් පරිමාණ 6.8 ක භූ කම්පනයෙන් පෞරාණික බෞද්ධ විහාර රැසකට හානි සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, භූ කම්පනය නිසා එක් ජීවිත හානියක් පමණක් සිදුව ඇති අතර, භූ කම්පනයේ ප්‍රබලත්වය මත එසේ ජීවිත හානි අඩුවීම හාස්කමක් බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.
චෝවුක් නගරයට බටහිරින් කිලෝමීටර් 25ක් දුරින් පොළොව අභ්‍යන්තරයෙහි භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටි බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
කෙසේ වෙතත්, මෙම භූ කම්පනයෙන් අති වූ කම්පන තරංග තායිලන්තය, බංග්ලාදේශය මෙන්ම ඉන්දියාවටද දැනී ඇති බවත්, ඉන් බියට පත්වූ බොහෝ දෙනා තම නිවෙස් හා කාර්යාලවලින් පිටතට පැමිණ ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
භූකම්පනය නිසා බගාන් පළාතේ වූ බෞද්ධ විහාරස්ථානවල පෞරාණික ස්තූප 66කට පමණ හානි පැමිණ ඇති බව එරට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබේ.
ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා 22 හැවිරිදි තරුණයෙකු බවත්, පොකොක්කු නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීම නිසා ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් කියයි.
මෙම පෞරාණික අගනගරය මියන්මාරයේ බෞද්ධ උරුමය කියාපාන නගරයක් වන අතර, මෙය එරටට සංචාරකයන් දහස් ගණනින් කැඳවන නගරයක් ලෙසද ප්‍රචලිතය.
සාමාන්‍යයෙන් මියන්මාරය තුළ භූ කම්පන නිතර දැකිය හැකි බවත්, මෙම ස්ථූපයන් පවා මීට පෙරද භූ කම්පනවලින් හානි පැමිණ යළි ප්‍රතිසංස්කරණය කළ ඒවා බවත් බී.බී.සී.ය පවසයි.