මියන්මාරයේ ප්‍රතිඅපනයන බහලුම් මෙහෙයුම් වෙළෙඳ පොළ ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා කොළඹ වරාය කේන්ද්‍රකර ගනිමින් සේවා සපයන නැව් සේවා සමාගම්වලට 10෴ක වට්ටමක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් මෙම වට්ටම ලබාදීමට තීරණය කර ඇත.
සියයට දහයක වට්ටමක් ලබාදීමට තීරණය කර තිබෙන්නේ දිනෙන් දින වර්ධනය වන නැගෙනහිර ඉන්දියාව, බංගලාදේශය සහ මියන්මාරය කලාප ආශ්රිත ප්‍රතිඅපනයන බහලුම් මෙහෙයුම කොළඹ වරාය වෙත ආකර්ෂණය කර ගැනීම සඳහාය.