මියන්මාර් රජයේ අත්අඩංගුවේ සිටින ධීවරයන් නිදහස් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවද මේ වනවිටත් මියන්මාර ධීවර අමාත්‍යවරයා වෙත තමන් මේ බව දන්වා ඇති බවද ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා පැවසීය.
මෙම යාත්‍රා සිය භාරයට ගෙන ධීවර පිරිස අත්අඩංගුවට ගත්තේ තම මුහුදු සීමාවන්ට ඇතුළුව මසුන් මැරීමේ නිරත වෙමින් සිටියදී බව මියන්මාරය සාක්ෂි සහිතව දන්වා තිබෙන බවද ධීවර කටයුතුවලදී මියන්මරාය දැඩි පිළිවෙතක් අනුගමනය කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් මෙම ශ්‍රි ලාංකික ධීවරයින් පිරිස සහ යාත්‍රා නිදහස්කර ගැනීමට තමා කටයුතු කරන බවද ඒ වෙනුවෙන් අවශ්‍ය කාලය ලබාදෙන ලෙසද අත්අඩංගුවේ සිටින ධීවරයන්ගේ පවුල්වල නියෝජිතයෝ සමග පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා පැවසීය.