මියන්මාරයේ ගංවතුරින් අවතැන්වූවන් සඳහා අවශ්‍ය සහන සැලසීම සඳහා ඇමෙරිකානු ඩොලර් 25000ක පරිත්‍යාගයක් කිරීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කොට තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනුමත කිරිමෙන් අනතුරුව මෙම පරිත්‍යාගය කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චිත්‍රාංගනී වාගීස්වර මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති මින් තින් සෑන් මහතා වෙත ඊයේ (14දා) මෙම මුදල් පරිත්‍යාගය සිදු කළේය.