වෙසක් උත්සවය නිමිත්තෙන් මියන්මාරියේ සිට ශ්‍රී ලංකාව වෙත වැඩමකරවන ලබන බුදුරඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා අද (29දා) රාත්‍රී 12.00ට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළින් දිවයිනට වැඩමවති.
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එම ධාතුන් වහන්සේ බාරගැනීමට නියමිතය. මෙම ධාතූන් වහන්සේලා දිවයිනේ විවිධ ස්ථාන වලදී ජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීමට නියමිතය.