මාස 04 කට ආසන්න කාලයක් මුළුල්ලේ මියන්මාරයේ අත්අඩංගුවේ සිටින ධීවරයන් පිරිස මුදාගැනීම සඳහා හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් ඔවුන් මුදවා ගන්නාතුරු එම පවුල්වල නඩත්තුව වෙනුවෙන් මාසික සහනාධාර මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ධීවර අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුනි.
මාස 04 කට ආසන්න කාලයක් මුළුල්ලේ මියන්මාරයේ අත්අඩංගුවේ සිටින ධීවරයන් පිරිස මුදාගැනීම සඳහා හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගන්නා බවට ධිවර අමාත්‍යංශය අද (13දා) ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හමුවේ සහතික විය.
ත්‍රිකුණාමලය සහ කුඩාවැල්ල ධීවර වරායන්ගෙන් කර්මාන්ත කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයෝ 17 දෙනෙක් මෙලෙස මුහුදු සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් පසුගිය ඔක්තෝබර් 06 වැනිදා සිට මියන්මාර අත්අඩංගුවේ පසුවෙති. “සංජනා 06”, "සන්සිටි 09”, “රෝහණ දෙක” යන යාත්‍රාද මේ වනවිට මියන්මාරය භාරයේ පවතී.
මේ සම්බන්ධයෙන් සහනයක් ලබා ගැනීම සඳහා ධීවර පවුල්වල සාමාජිකයන් අද උදෑසන ධීවර අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ සිටි අතර එහිදී මෙම අදහස් ප්‍රකාශ විය.