ඇද හැළෙන වර්ෂාව සමග මින්නේරිය හා කවුඩුල්ල යන ජලාශ වල වාන් දොරටු විවෘත කිරීමට වාරි මාර්ග දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇත.
මේ අනුව කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු අටක් සහ මින්නේරිය ජලාශයේ වාන් දොරටු හයක් අඩිය බැගින් ඊයේ (03දා) රාත්රියේදී විවෘත කිරීමට පියවර ගත් බව පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්යක්ෂක ආර්.එම්.පී කරුණාරත්න මහතා ප්රකාශ කළේය.
මේ අතර කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මැදිරිගිරිය, පල්ලිය ගොඩැල්ල ,පබුරාන ප්රදේශ වල කුඹුරු ජලයෙන් යටවී ඇත.