තමන් බලයෙන් ඉවත්වීමට සූදානම් බවත්, තමාගේ ඉරණම පාර්ලිමේන්තුවට භාර කරන බවත් මිත්‍ර සංග්‍රහය හේතුවෙන් චෝදනා ලබා ඇති දකුණු කොරියානු ජනාධිපතිනී පාර්ක් ග්වෙන්-හයි පවසයි.
"මම ඉවත්වීම ඉදිරියේදී සිදුවේවි. එහිදී, මගේ ධුර කාලය අඩු කිරීම සඳහා වූ තීරණය පාර්ලිමේන්තුවට පැවරෙනවා. ඔවුන් මගේ ඉරණම විසඳාවි." යැයි එරට රූපවාහිනිය ඔස්සේ සජීවීව ජාතිය අමතමින් ජනාධිපතිනිය පවසා සිටියාය.
"කිසිදු බල අතිරික්තයක් හෝ රජයේ අභ්‍යන්තර ගැටුමක් ඇති නොවන අයුරින් බල හවමාරුව සඳහා වූ වැඩපිළිවෙළක් වෙත නීති සම්පාදකයන් කටයුතු කරනු ලැබූ විට, මා ධුරයෙන් ඉවත්ව යනවා"
චෝයි සූන්-සිල් නමැති ජනාධිපතිනියගේ පෞද්ගලික මිතුරිය විසින් සිදුකළේ යැයි කියන මූල්‍ය අක්‍රමිකතා සහ බලය අයුතු ලෙස යොදාගැනීම හේතුවෙන් ජනාධිපතිනියට සිය ධුරයෙන් ඉවත්වන ලෙස දකුණු කොරියාව තුළ දැවැන්ත ජනතා නැගිටීමක් ඇති විය.
කෙසේ වෙතත්, ජනපතිනියගේ මෙම ඉල්ලා අස්වීමේ ප්‍රකාශය ඇයට එරෙහිව එල්ල වන දෝෂාභියෝගය කල් දැමීම වෙනුවෙන් වූ කූඨෝපායක් ලෙසටද ජනාධිපතිවරියට චෝදනා නැගෙන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.