ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය ශක්තිමත් කිරිමට හැකිවෙනු ඇති බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ශ්‍රී ලංකාවට ගෞරවයක් බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය මාධ්‍ය හමුවේදී පැවැසීය.
ඉන්දිය අග්‍රාමාත්‍යවරයා හා පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවලින් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී මේ බව ඔහු ප්‍රකාශ කළේය.
දෙරටේ මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා අවසන් නිගමන කිහිපයකට පැමිණි බවත් හෙතෙම සඳහන් කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන බවයි.
ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී ධිවර ගැටලුව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහිදී දෙපාර්ශ්වය අතර සිවිල් න්‍යෂ්ටික සහයෝගීතාව පිළිබඳව එකඟතාවයක්ද ඇතිවූ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.