ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 වර්ගයේ ගුවන් යානා මිලදී ගැනීමට අදාළ ප්‍රශ්න සහගත ගනුදෙනුවලදී රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඉතා සැකකටයුතු අන්දමින් මැදිහත් වී කටයුතු කර ඇති බවට විමර්ශනයේ සාක්ෂි සටහන්වලින් අනාවරණය වී ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අද (29දා) අධිකරණයට දැන්වීය.
මෙම ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවලින් උපයා ගන්නා ලද මුදල් උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකන් ලිමිටඩ් ලයබිලිට් කම්පැනි (Sri Lankan Limited Liability Company) යන සමාගමේ ආයෝජනය කර ඇත්දැයි යන්න පිළිබඳව තවදුරටත් විමර්ශනය කරන බව පොලීසිය කොළඹ කොටුව විසින් මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට දන්වන ලදී.
මිග් 27 වර්ගයේ ගුවන් යානා 7 ක් ගුවන් හමුදාවට මිලදී ගැනීමේදී විශාල මුදල් වංචාවක් සිදුවී ඇති බවට මාධ්‍ය‘වේදී ඉක්බාල් ආතාස් මහතා පොලීසියට පැමිණිලි කරීමෙන් අනතුරුව කඩිනම් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.