මෑත කාලයේ විශාලම අවි ගබඩාව මුලතිව්හිදී හමුවෙයි
එල්.ටී.ටී..ඊ සංවිධානය සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය ඇතුළු යුද උපකරණ තොගයක් මුලතිව් විශ්වමඩු, ඉලන්ගෝපුරම් ප්‍රදේශයේ තිබී සොයාගත් බව පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසීය.
පොලීසිය පැවසුවේ ඊයේ (03දා) ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමග සිදුකළ මෙහෙයුමකදී අදාළ යුද අවි හා පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි.
මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග අනුව අදාළ යුද උපකරණ සොයාගත් බවද පොලිස් නිලධාරීහු පැවසූහ.
මෙසේ සොයාගත් යුද උපකරණ අතර මිලිමීටර්60 වර්ගයේ මෝටාර් උණ්ඩ 736ක්, එම්75 වර්ගයේ අත්බෝම්බ 06ක්, ටී82 වර්ගයේ අත්බෝම්බයක්, ආර්.පී.ජී.ගිනිඅවි දෙකක්, ටී56 ගිනිඅවි කොටස් කිහිපයක්, ගුවන් යානා නාශක උණ්ඩ 80ක් සහටැමිල් ගුණ්ඩු අත්බෝම්බයක් වන බවද පොලීසිය සඳහන් කළේය.
පුදුකුඩිඉරිප්පු පොලිස් නිලධාරීන් පැවසුවේ මෑත කාලයේදී මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන් හමුවූ විශාලතම පුපුරණ ද්‍රව්‍ය තොගය මෙය වන බවයි. මෙය පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ ආයුධ ගබඩාවක් විය හැකි බවද ඔවුහු කියා සිටියහ.
මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ අවි තොගය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිශ්ක්‍රීය කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය පොලිස් විශේෂ කාර්ය බළකාය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


