මැලේසියාවේදී අත්අඩංගුවට පත්ව ඇති ශ්‍රී ලාංකික නීති විරෝධී සංක්‍රමණිකයන් 131 දෙනාගෙන් 127ක් 1959/63 දරන අගමන පනත යටතේ අත්අඩගුවට ගෙන මැලේසියාවේ ජොහොර් බාරුහි පෙකෙන් නෙනාස් ආගමන රඳවා ගැනීම් මධ්‍යස්ථානයේ රඳවා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඉතිරි සිවුදෙනා 2007 පුද්ගල ජාවාරම් හා සංක්‍රමණිකයන් අවහරණය වැළැක්වීමේ පනත යටත් අත්අඩංගුවට ගෙන රඳවා ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම සිද්ධිය පිළිබඳව විමර්ශන පැවැත්වෙන බවත්, ඔවුන් අත්අඩංගුවට පත්ව ඇත්තේ පසුගිය 01දා බවත්, විදේශ කටයුතු අමාත්‍යාංශංය සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධෙයෙන් මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමීපව කටයුතු කරමින් සිටින බවත්, අත්අඩංගුවට පත් වූ පුද්ගලයන්ගේ අනන්‍යතාව සම්බන්ධයෙන් තහවුරු කරගනිමින් සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය අද (06දා) නිකුත් කළ නිවේදනයක දැක්වේ.
අත්අංගුවට පත්වූවන් අතරින් 43 දෙනෙකු සතුව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයෙන් නිකුත් කළ හැඳුනුම්පත් තිබෙන බවට අණාවරණය වී ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.