ශ්‍රී ලංකාවේ මැලේසියානු තානාපති අයි. අන්සාර් මහතාට එල්ල වූ ප්‍රහාරය ශ්‍රී ලංකා රජය හෙළා දකින බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම ක්ලාලම්පූර් නුවර පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් මැලේසියාවේ නිති ආයතනය හා කටයුතු කරමින් සිද්ධියට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනිමට පරික්ෂණ පවත්වන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එසේම අන්සාර් මහතා ශ්‍රි ලංකාවට කැඳවිමට රජය තීරණය කර ඇතැයිද වාර්තාවෙයි.