මැලේසියාවේ රැකියා ලබාදෙන බව පවසා ප්රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (15දා) සවස අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා නිට්ටඹුව පොලිසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් සැකකරුවන් අත්අඩංගුව ගෙන ඇති අතර ඔවුහු මැලෙසියාවේ රැකියා දෙන බව පවසමින් රු.180,000 බැගින් වංචා කර තිබේ. අත්අඩංගුවට ගත් නිට්ටඹුව ප්රදේශයේ සැකකරුවෙකු ගෙල වැළලාගෙන මියයන බව පවසා පොලිසියට තර්ජනය කර තිබේ.