මැලේරියා උවදුර ශ්රී ලංකාවෙන් තුරන් කිරීමට රජය ගත් උත්සාහය නිසා සහමුලින්ම මැලේරියාව තුරන් කළ ආසියාවේ තුන්වැනි රට ලෙස ශ්රී ලංකාව නම් වී තිබේ.
2012 වසරින් පසු කිසිදු මැලේරියා රෝගියෙකු ශ්රී ලංකාවෙන් වාර්තා වී නොමැති අතර, මේ අනුව 1980 වසරේදී සිංගප්පූරුව හා මාලදිවයින මැලේරියාව තුරන් කළ පසු මැලේරියාව තුරන් කළ තුන්වැනි ආසියානු රට ලෙස ශ්රී ලංකාව පත්ව ඇත.