මැයි පළමුවැනිදායින් පසු රටේ නව දේශපාලන වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. එමෙන්ම රටේ සහ ජනතාවගේ යහපත උදෙසා නව දේශපාලන තීන්දු රැසක් ගැනීමට මැයි පළමුවැනිදායින් පසු තමා තීරණය කර තිබෙන බවත් දූෂිත පාලනයන් නැවත රටේ බලයට පැමිණීම වැළැක්වීමට එම තීන්දු තීරණ වැදගත්වනු ඇති බවද ජනාධිපතිවරයා පැවසුයේ අද (25) මැදිරිගිරිය ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර සහ දෙවන අදියර ජනතා අයිතියට පැවරීමෙ උත්සවයේදීය.
නිදහස් රටක් මෙන්ම පිරිසිදු දේශපාලනයක් සඳහා වූ අපේක්ෂා පෙරදැරිව නව රජය බලයට පත් කිරීමට ඡන්දය භාවිතා කළ ජනතාවගේ අපේක්ෂා බිඳ වැටීමට කිසිදු අවස්ථාවක ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.