ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන මැයි දින රැළියට නිදහස් තරුණ පෙරමුණු නියෝජනය කරමින් තරුණ තරුණියන් ලක්ෂයක් සහභාගී කරවන බව ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණ සඳහන් කරයි.
තරුණ තරුණියන් මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මැයි දින රැළියට සහභාගී කරවීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම සිදුකරමින් තිබෙන බවද එම පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා අද (11) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.