එක්සත් ජනතා නිදහස් සන්ධානය වසර කිහිපයක් ශ්රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව මැයි රැළිය පැවැත්වුවත් මෙවර නිදහස් පක්ෂය වෙනමම මැයි රැළියක් පැවැත්වූ අතර සන්ධානයේ හවුල්කාර පක්ෂ තවත් මැයි රැළියක් පැවැත්විය. මේ අවස්ථාවට හිටපු ජනපති චන්ද්රිකා කුමාරතුංග මහත්මියද එක්විය.
කලකට පසුව එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළීය වෙනුවෙන් විශාල ජන සහභාගිත්වයක් දැක ගත හැකිවිය. එය 1977 තරමේ වෙනසක් බව අගමැති රනිල් වික්රමසිංහ මහතාද කීවේය.
සුපුරුදු පරදි විිචිත්රවත් මැයි රැළිය ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළේය. ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයද මැයි රැළියක් පැවැත්වීය.